Pages

Monday, November 24, 2014

Windows 10 එළිදකී.




හැමෝටම සුභ දවසක් වේවා !!


                     අද මම ඔයාලට කියන්න යන්නෙ මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් 2015 වර්ෂයේ නිකුත් කිරීමට නියමිත වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය ගැන. මේ ගැන ඔයාලට ලියන්න හිතුනේ ඉකුත් සැප්තැම්බර් 30 වන දා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ  අත්හදා බැලීමේ සංස්කරණයක් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් නිකුත් කලා. ඔන්න දැන් ඔයාලටත් අරගෙන බලන්න පුලුවන් වගේම, ඔයාලගේ අදහස් හා යෝජනා ද ඉදිරිපත් කරන්න අවස්ථාව සලසා දීලා තියනවා. ඒවගේම කියන්න ඕනේ මේක සම්පුර්ණයෙන් ම ඔයාලට නොමිලේ ලබා ගන්න පුලුවන්.


මෙතනින් පුලුවන් ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්න.

                                                  Download ( Click Here )


දැන් බලමු මොනවද මේකෙ අලුත් විශේෂාංග කියලා.


*  කස්ටියට මතක ඇතිනේ වින්ඩෝස් 8 වල නොතිබුණ Start Menu එක. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් විසඳලා තියනවා. 
           වින්ඩෝස් 7 හි තිබුන ස්ටාර්ට් මෙනුවට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ඇතුලත් කර ඇති මෙය වින්ඩෝස් 8 හී ස්වරූපයද යොදා ගෙන දියුණු කර තිබෙනවා.


Advance Start Menu.






















               Extremely Useful Snap Feature.

* වින්ඩෝස් 10 හී ඇති ස්නැප් පහසුකම නිසා ඔයාලට එකවර ඇප්ස් හතරක් දක්වා විවෘත කර වැඩ කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. එය විවෘත කර පසු ස්වයංක්‍රීයව ඩෙස්ක්ටොප් එක මත ස්ථාන ගත වී භාවිත කරන්නාට පහසු වන අන්දමින් පෙන්වීමේ ක්‍රමයක් ද ඇතුලත් කර ඇත.  
  මෙමගින් පරිශීලකයාගේ කාලය ඉතිරි කරගැනීමට බලාපොරොත්තුවන බව මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධානී Terry Myerson මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුනා. 


Snap Assist Preview



තවද ,

*     Task View Option එක මගින් පරිශීලකයාට පරිගණකයේ ක්‍රියාත්මක වන සියලු වැඩසටහන් වල තොරතුරු අලුත් පෙනුමකින් එකවර බලාගත හැකි අතර ඒවාට පිවිසීමේ හැකියාවක් ද සලසා ඇත.

* මෙහි ඇති Multiple Desktop විශේෂාංග මගින් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන පරිගණකයේ ස්ක්‍රීනය කොටස් වලට බෙදා ඩෙස්ක්ටොප් කිහිපයක් එකවර ක්‍රියාත්මක කල හැකි අයුරින් නිර්මාණය කර ඇත.



Multiple Drsktop Preview.


*  Advanced Search මගින් වින්ඩෝස් 8 හි තිබුන දත්ත සෙවීමේ වේගයට වඩා වැඩි වේගයකින් දත්ත සොයා ගත හැක.

මේ වීඩියෝ එකෙන් වැඩිදුරටත් තේරුම් ගන්න පුලුවන් වෙයි.




සමස්තයක් ලෙස ගත් විට වින්ඩෝස් 8 හී තිබූ ප්‍රධාන දුර්වලතාවක් වූ මෙහෙයවීමේ අපහසුව හා  වැඩි කාලයක් ගත වීම මගහරවා ඇති අතර..
වේගවත් හා ඕනෑම අයෙකුට පහසුවෙන් මෙහෙයවිය හැකි අන්දමින් වින්ඩෝස් 8 හා වින්ඩෝස් 7 හි සංකලනයක් ලෙස වින්ඩෝස් 10 වැඩිදියුනු කර ඇත. 

සුවිශේෂී විශේෂාංග රැසක් සමගින් 2015 වර්ෂයේ " Window 10 " හි ස්ථාවර සංස්කරණය වෙළෙදපොළට පැමිණෙනු ඇත.

තවත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔන්න අදට මම යනවා,
                (පොස්ට් එක හොදයි නම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.)

                                                              
                              කස්ටියටම ජයෙන් ජය!!

                                                                                 Rukey
                                                                                ( Admin )

















2 comments:

  1. ela niyamai eth download karanna micosoft account ekek ona neda?

    ReplyDelete
    Replies
    1. ow..account ekak create karanna puluwan free...
      menna link eka,
      https://signup.live.com/signup
      register unata passe log wela, download karaganna.

      Delete