හැමෝටම සුභ දවසක් වේවා !!
අද මම ඔයාලට කියන්න යන්නෙ මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් 2015 වර්ෂයේ නිකුත් කිරීමට නියමිත වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය ගැන. මේ ගැන ඔයාලට ලියන්න හිතුනේ ඉකුත් සැප්තැම්බර් 30 වන දා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ අත්හදා බැලීමේ සංස්කරණයක් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් නිකුත් කලා. ඔන්න දැන් ඔයාලටත් අරගෙන බලන්න පුලුවන් වගේම, ඔයාලගේ අදහස් හා යෝජනා ද ඉදිරිපත් කරන්න අවස්ථාව සලසා දීලා තියනවා. ඒවගේම කියන්න ඕනේ මේක සම්පුර්ණයෙන් ම ඔයාලට නොමිලේ ලබා ගන්න පුලුවන්.
මෙතනින් පුලුවන් ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්න.
Download ( Click Here )
දැන් බලමු මොනවද මේකෙ අලුත් විශේෂාංග කියලා.
* කස්ටියට මතක ඇතිනේ වින්ඩෝස් 8 වල නොතිබුණ Start Menu එක. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් විසඳලා තියනවා.
වින්ඩෝස් 7 හි තිබුන ස්ටාර්ට් මෙනුවට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ඇතුලත් කර ඇති මෙය වින්ඩෝස් 8 හී ස්වරූපයද යොදා ගෙන දියුණු කර තිබෙනවා.
![]() |
| Advance Start Menu. |
Extremely Useful Snap Feature.
* වින්ඩෝස් 10 හී ඇති ස්නැප් පහසුකම නිසා ඔයාලට එකවර ඇප්ස් හතරක් දක්වා විවෘත කර වැඩ කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. එය විවෘත කර පසු ස්වයංක්‍රීයව ඩෙස්ක්ටොප් එක මත ස්ථාන ගත වී භාවිත කරන්නාට පහසු වන අන්දමින් පෙන්වීමේ ක්‍රමයක් ද ඇතුලත් කර ඇත.
මෙමගින් පරිශීලකයාගේ කාලය ඉතිරි කරගැනීමට බලාපොරොත්තුවන බව මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධානී Terry Myerson මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුනා.
![]() |
| Snap Assist Preview |


