Pages

Thursday, November 20, 2014

කරලියට පිවිසීම. (Welcome) !!

සුභ දවසක් වේවා,

               මට අද මේ ලිපිය කොතනින් පටන් ගෙන කොතනින් ඉවර කරන්න ද කියලා හිතා ගන්න බෑ යාලුවනේ. මොකද මේ මගේ Blog එකේ මුල්ම Post එක, හිතට පොඩි සතුටකුත් තියනවා.
ඉතින් මන් හිතුවා මුලින්ම ඔයාලට මන් ගැන හා මගේ Blog එක ගැන පොඩ්ඩ්ක් විස්තර කලොත් හොදයි කියලා.

 මම ගැන කිව්වොත්,
            මම දැනට A/L කරලා ටිකක් නිදහසේ ඉන්න කෙනෙක්. තවත් විදියකින් කිව්වොත් IT ගැන උනන්දුවක් තියන පොඩි කොල්ලෙක්. 

ඒවගේම මට අද මතක් වෙනවා මට පරිගණකයක් ලැබුන මුල්ම දවස. ඒ මම අවුරුදු 11 දී  (ඉස්කෝලෙ 6 වසරෙ ඉන්නකොට). ඉතින් දැන් මට අවුරුදු 19ක්. පොඩ්ඩක් ඒකාලෙ ගැන හිතලා බැලුවම කොච්චර සුන්දරද, ඒවගේම කොච්චර දේවල් ඉගෙන ගත්තද, ඒ ඉගෙන ගත්තු දේවල් හා ලබපු අත්දැකීම් වලින් තව කෙනෙක් නොදන්න දෙයක් ඉගෙන ගන්නවනම් ඒක කොච්චර සතුටක්ද? ඒවගේ ම, මමත් computer එක Power swich එකෙන් ඔෆ් කරපු කාලයක් තිබුන බව මට අදටත් මතකයි.  ඒ මට හිතුන දේ.

ඒක තමා මම  Blog එකක් පටන් ගන්න මුල් වුන හේතුව.

මගේ Blog එක තාක්ෂණික ගැටලු හා නව සොයාගැනීම් වලට මුල්තැනක් දෙන්න මම බලාපොරොත්තුවෙනවා. 

ඉතින් අද සිට මට පුලුවන් වෙච්ච හැමවෙලේම ඔයාලට දැනුමක් ලැබෙයි කියලා හිතන, මම ලබපු දැනුම හා අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්නවා. ඒ වගේම ඔයාලට ගැටලුවක් තියනව නම් Email එකට එවන්න පුලුවන් එහෙනම් අදට මම යනවා. 
"It is better to light one
 Small candle than to
 Curse the darknes.."
                                            
                                             ඔක්කොටම ජයවේවා. !!
  
                                                                                 Rukey..
                                                                               ( Admin )
                                                                                                                                                                                                           


No comments:

Post a Comment